අප උදෑසනින් අවදි වූ පමණින් හිරු පායන්නේ නැත
නමුත් හිරු පායන විට අවදි වී සිටීම
උදාවන අලුත් දිනයේදී
අපට මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත....
මෙය ගිය වසරේ ඉල් මහ විරු සමරුව වෙනුවෙන් පෙරාදෙණිය සරසවියෙහි "සමාජවාදී ශිෂ්‍ය සංගමය" මගින් වූස් (WUS) ආපන ශාලාව ඉදිරිපිට සවි කල දැවැන්ත ප්‍රචාරක පුවරුවක සටහන් වී තිබූ රෝහණ විජේවීරයන්ගේ ප්‍රකාශයකි.මෙය නිවැරදි ප්‍රකාශයෙන් තරමක් වෙනස් විය හැක්කේ මගේ මතකය එතරම් සතුටුදායක නොවන බැවිනි.
මෙවරද ඉතාමත් උත්කර්ශවත් ඉල් මහා විරු සමරුවක් ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර ඇති බවක් පෙනෙන්නට ඇත. නමුත් මෙම ඉල් විරු සමරුව සුවිශේෂී සංධිස්ථානයක් මෙවර සලකුණු කරනු ලබන අතර වසර හතලිහක පමණ ඉතිහාසය තුල රටට, සමාජයට හෝ පක්ෂයට(ජවිපෙට ) සුවිශේෂී ජයග්‍රහණ දිනා දීමට එම පක්ෂයෙහි ක්‍රියාකාරී නායකත්වය මේ වනතුරුත් සමත් නොමැති වීම කණගාටුවට කරුණකි.
මා විශ්වාස කරන අන්දමට සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී විප්ලව ලොව කිසිම ස්ථානයක ඇති වී නොමැත. ගොඩනැගුනු සෑම අරගලයක්ම දේශප්‍රේමී අරගල වන අතර පසු කාලීනව විප්ලවය ජය ගැනීමෙන් පසු සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ඒවාට ආදේශ වී ඇති බව පැහැදිලිය. 87 - 89 වකවානුව තුල මෙරට ඇති වූ තත්වයද ඉහත ලක්ෂණ පිලිබිඹු කරන අතර පැහැදිලිවම එය දේශප්‍රේමී අරගලයකි. නමුත් එවකට පැවති මර්ධනකාරී පාලන තන්ත්‍රය විසින් එය සමාජවාදය ලෙස මෙරට හුදී ජනයාට හුවා දැක්වූ අතර එම යුගය තුල මෙරට සමජය භීතියෙන් ඇළලවීය. නමුත් අප දුටුවේ පිවිතුරු සමාජවාදය වෙනුවට ධවල භීෂණයයි. අවසාන ප්‍රතිඵලය මිල කල නොහැකි තරුණ ජීවිත දස දහස් ගණනක් මෙරට සමාජයට අහිමි වී යාමය. මෙම මහා මිනිස් සංහාරයේ ගොදුරු බවට පත් වූවන් අතර කොතරම් ඉංජිනේරුවරුන් , වෛද්‍යවරු හා සුවිශේෂී වෘත්තිකයින් සිටින්නට ඇද්ද ? ඒ සියල්ලන්ටම වඩා කොතරම් වටිනා නායකත්ව පෞර්ෂත්වයන් අකාලයේ වැලළී යන්නට ඇද්ද ?
මේ සියල්ලන්ම ලේ, කඳුලු, දහඩිය මෙන්ම වටිනා ජීවිත කැප කර අපේක්ෂා කල ඒ සැම සම පිවිතුරු ලෝකය ගොඩනඟන්නට හෝ එහි සලකුණක්වත් සනිටුහන් කරන්න්ට අද වන තුරුත් ඔවුන් සමත් වී නැත්තේ පක්ෂයක් ලෙස යාවත්කාලීන නොවීමය. එනම් කාල් මාක්ස් විසින් (ලොවට නොව ) මෙරටට දායාද කල "බලාපොරොත්තු" ගොන්න බදාගෙන සිටින න්‍යායවාදී මූලධර්මවාදීන් විසින් ඉතිහාසයේ කුණු බක්කියට එම පක්ෂය ඇද දැමීමය. ඔවුන් තුල මක්ස් වාදයේ හරය හෝ දර්ශනය දක්නට නොමැති අතර ඒ වෙනුවට කාල් මාක්ස්ගේ දර්ශනයේ විකෘති වූ ආකෘතියක් පමණක් දක්නට ඇත. පුද්ගල සුවිශේෂීතා නොහඳුනන ඔවුන් දිනෙන් දින තම ඉල් මහ විරුවන් දිවි හිමියෙන් මෙරටට දිනා දුන් ජයග්‍රහණයක්වත් රැක ගැනීමට අසමත් වී ඇත.
විජේවීරයන් අද සිටියානම්, තම සොයුරන් ජීවිත පූජා කොට දිනා දුන් පක්ෂයට අද අත් වී ඇති ඉරණම දැක ගෙල වැළලා ගනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණෙහි සහෝදරවරුනි ඔබ,
තමන් ජීවත් වන බව ලොවට පෙන්වූ අමරණීය විරුවන් සැම සම, සැමට යුක්තිය ඉටුවන, නිවහල් දේශයක් වෙනුවෙන් අමිල ජීවිත පරිත්‍යාගයෙන් හෙලි පෙහෙළි කර දුන් මාවත, ගොඩනැගූ දර්ශනය,සමාජයට දායාද කල පරමාදර්ශ ගණිකා වෘතියෙහි යොදවා ඇත. ඉල් මහා විරුවන්ගේ පිවිතුරු බව කෙලෙසා ඇත.
1 comment:
//මා විශ්වාස කරන අන්දමට සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී විප්ලව ලොව කිසිම ස්ථානයක ඇති වී නොමැත. ගොඩනැගුනු සෑම අරගලයක්ම දේශප්‍රේමී අරගල වන අතර පසු කාලීනව විප්ලවය ජය ගැනීමෙන් පසු සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ඒවාට ආදේශ වී ඇති බව පැහැදිලිය//
රුසියන් විප්ලවයට මෙය අදාල නොවේ.කොහොම වුනත් ඒක එහෙම වෙන්නෙ වර්තමානයේ තියෙන්නෙ අධිරාජ්‍යවාදයක් ( ධනවාදයේත් උපරිම අවධිය)එතනදි සමාජ පද්ධතියට එරෙහි නැගිටීම් වලදී අධිරාජ්‍ය විරෝධය හා ධනවාදයට තියෙන විරෝධය කියන දෙක එකට පෑස්සෙනවා.87 වුනේ පංති බලවේග විසින් ජාතික විමුක්ති සටන හරහා සමාජවාදය ගොඩනැගීමට දේශප්‍රේමී මතවාද වලට නායකත්වය දීමක්.තුන්වෙනි ලෝකයේ විප්ලවයට තියෙන මාවත ඒකයි.
විජේවීරගේ මාවතෙන් ජවිපෙ පිට පැනල කියල ඔබ කියනව.ඒ නිගමනයට ඔබ ආවේ කොහොමද කියල සදහන් වෙලා නැහැ.ඒක ලිපියෙ අඩුවක්.ඒකත් තිබුනොත් සංවාද කරන්න පුලුවන්.
විජේවීර දේශපාලනය හා ජවිපෙ ප්‍රතිරෝධී ලෙස දක්වන්න හදන එක පාර්ශවයක් තමයි විමල් විරවංශගේ ත්‍රීවිල් පක්ෂය.විජේවීරගේ ප්‍රතිපත්ති වැඩියෙන් පිලිපදින්නෙ ජවිපෙද රජතුමාගේ වැසිකිලි සෝදන වීරවංශද කියන එක ගැන නම් වැඩිය වාද කරන්න දෙයක් නැහැ.
සභාග දේශපාලන කල යුගයේ ජවිපෙ උපක්‍රමිකව විජේවීර දේශපාලනයෙන් පිට පැන්නත් එය දිගුකාලීන ප්‍රතිරෝධයක් ලෙස භාරනොගත හැකි බවයි මගේ අදහස
Post a Comment