කුණු රොඩු ගසාගෙන මහ මුහුදට පාවී
කෙදිනක හෝ හොඳ රතු මල් පීදේවී.....
මෙම පද දෙපේළිය සටහන් කර තිබුණේ 'හෙළදිව' ඉරිදා සංග්‍රහයෙහි සාහිත්‍ය අතිරේඛයක් මතය. ඔරුවල බන්දු මහතා අතීතාවර්ජනයක යෙදෙමින් සටහන් කර තිබූ මෙය එතුමා රෝහණ විජේවීරයන් සමඟ 'ලුනුම්බා' සරසවියෙහි අධ්‍යාපනය ලබන සමයෙහි තැබූ සොඳුරු සටහනකි. විවිධ මතවාදයන්ගෙන් විචිත්‍රවත් වී ඔපවත් වුණු ඔවුන්ගේ ජීවිත කොතරම් නම් සොඳුරු වන්න්ට ඇත්ද ? සොඳුරු මිනිසුන් මැද ගෙවුනු සෞන්දර්‍යෙන් පිරුනු අව්‍යාජ ජීවන විලාසයන්ගේ, අපේක්ෂාවන්ගේ, නොමැකෙන සලකුණු මෙම පද කීපය තුල කැටි කොට ඇති ආකාරය අපූරුය. ලෝකය පවතිනවාට වඩා යහපත් වනු දැකීමට රොද බැඳ ගත්,එවන් උත්තුංග අරමුණු වෙනුවෙන් ලේ කඳුලු දහඩිය කැපකල පරමාදර්ශී සුවඳ හමන මිනිසුන්ට 'වම් ඉවුරේ' ආචාරය.....
No comments:
Post a Comment